ලෝක කුසලානය අහිමි කරගනිමින් සුපිරි පිතිකරුවා එලියට දැම්ම කුමන්ත්‍රණය හෙළිවෙයි





















ශ්‍රී ලංකා 19න් පහල ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී පළග ශුරතාවයෙන් සැනසෙන්නට මෙවර සිදුවුනේ මුලික වටයේදී නිවැරදි කණ්ඩායම තෝරාගැනීමට නොහැකි වීම නිසයි.

තරගාවලියේ හොදම පිතිකරුව වූ හසිත බෝයගොඩ මුලික වටයේ තරග දෙකකින් ඉවත් කරන්නට තේරීම් කමිටුව පියවර ගැනීම අපි දිගින් දිගටම
පෙන්වා දුන්නා. මේ යොවුන් ක්‍රීඩකයා ඉවත් කිරීම පිටුපස කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ සිටින බවයි වාර්තා වන්නේ.

කළමනාකරු ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල බව නවසීලන්තයේ වෙසන නිමල්ක පෙරේරා සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කර තිබෙනවා. නිමල්ක පෙරේරා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් පිටියේ සහ රග්බි පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩාවට සමීප පුද්ගලයෙක්.

එමෙන්ම හසිත බෝයගොඩ කණ්ඩායමෙන් ඉවත් කිරීමට පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා වගකිව යුතු බවයි බොහෝ ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වුවත් තමන්ට කල අසාධාරණයට පිත්තෙන් පිළිතුරු දුන් හසිත පළග ශුරතාව සඳහා පැවති තරගාවලියේදී ශතක දෙකක් වාර්තා කලේ ලෝක වාර්තාවක්ද පිහිටුවමින්.

මෙවැනි නිලධාරීන් සිටින්නේ නම් මෙරට ක්‍රීඩාව තවත් විනාශය වෙත ගමන් කිරීම නවතන්නට අපිට නොහැකි වනු ඇති.

No comments:

Powered by Blogger.