චන්ද‍්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. අගමැතිකමත් ලැබෙන කතා..?























හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවට ගම්පහ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ක‍්‍ර‍්‍රියාකාරීන් අතර රාවයක් පැතිරි ගොස් ඇත.

ඇයට පාර්ලිමේන්තු යාම සදහා ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද
මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

ඉන් පසු ඉදිරියේදී සිදුවන දේශපාලන පෙරලියකදි ඇයට ඉහල තනතුරක් ඇතැම්විට අගමැති ධුරයද ලැබෙනු ඇති බවද තොරතුරු හුවමාරු වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කල විමසිමකදී ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු කියා සිටියේ හිටපු ජනාධිපතිපතිනිය නායකත්වය දෙන අත්නගල්ල ආසනය දිනා ගැනීමට නොහැකි තත්වයක සිටින නිසා මේ ආකාරයේ ආරංචි පතුරුවා ඡුන්ද කිහිපයක් වැඩි කිරීමට දරන උත්සාහයක් මිස අන් යමක් නැති බවයි.

- lankacnews

No comments:

Powered by Blogger.